වෙසක් අසිරිය!

ඔන්න වෙසක් දවස ආවා! 2599 වෙනි බුද්ධ ජයන්තිය!

පුරුදු විදියට පන්සල් ගිහින් දන්සැල් වන්දනාව පටන් ගත්තා.

ඇත්තම කිව්වොත් ඉතිං වැඳලා, බෝධි පූජාවෙ බාගයක් ඉවර වෙනකොට මගේ එකතැන ඉන්න බැරි අමාරුව උපරිමේට ආවා! එළියේ මම ඉන්නං කියල මං එනකොට හසිතයයි මාධවීයි එතන! උන් දෙන්නා නදීරා ටත් කථා කර ගත්තෙ නැද්ද! ඉතිං කට්ටියම ඇවිදලා ඇවිදලා ආවා වතුර ටැංකිය ගාව බත් දන්සැලට. ඊට කලින් පන්සල ගාව තිබ්බ මඤ්ඤොක්කා දන්සැලෙන් හොඳට සප්පායං වෙලා කට්ටියම හිටියෙ!

පෝලිමේ ඉඳල කන්න ගත්ත! පේනවනෙ ගිලින හැටි!


මේ හසිතය විසප්පු ගෙඩි කිය කියා හොඳට අඹරනවා!



පේනවනෙ උගේ නොනත් ඌට දෙවනි නෑ. කිව්වට මොකෝ නදීරයි මායිත් කෑවා . හැබැයි අවුලකට තිබ්බෙ දන්සැලේ කස්ටිය බත් කන්න එළවලු දුන්නෙ අම්බානෙක අඩුවෙන්. බත් ටිකෙන් කොටසක් අහක ගියා ඒ වැඩේ නිසා.

 

ඊට පස්සෙ ගෙදර ආවා හෙට අයිස් ක්‍රීම් කන්න දන්සැලට එනවා කියලා!! මෙහෙමත් කෑමක් නේද?

 

මේ අපේ ගෙදර කූඩු! කීර්ති බාප්පාගේ සැකිලි ටික අපි දෙන්නගෙ ඇලවිල්ල හා තාත්තගෙ ආලෝකකරණය!

Posted in Labels: , , |

0 comments: