රාවණ යළිත් කරළියට…

අපි හැමෝම දන්නවා මහාවංශය කියන්නෙ අපේ රටේ ඉතිහාසය ගැන ලියවුණු ඉතාම වැදගත් පොතක්. නමුත් මහාවංශයේ කියල නැති අපේ රටේ ස්වර්ණමය යුගයක් තියන බව දන්නෙ කීයෙන් කී දෙනාද?

විජය ගෙන් සිංහල ජාතිය පැවත එන බව කියලා හෙළ නමට කරල තියන අසාධාරණය කියල නිම කරන්න බෑ. විජයාගමනයෙදි කුවේණි කපු කටිමින් හිටිය කියලා ඒක එතනින් අතෑරල දාන්න තරං අපේ සමහරු පෙළඹිලා. ඊට පෙර අපේ ර‍ට කොච්චර දියුණු වෙලා තිබ්බද? වාල්මිකී ගෙන් පටන් අරං අද ‍CNN, BBC හා යුරෝපා රටවල් වෙනකන් ලංකාවෙ හොඳ නම කැත කරන්න උත්සාහ ගත්තා.

උන් නොදන්න එක දෙයක් තියනවා. මේ රට බුදුවරුන්ගෙ පාද ස්පර්ශය ලබපු රටක්. ගෞතම බුදුන් විතරක් නෙමේ, කාශ්‍යප බුදුනුත් වැඩපු ර‍ටට වින කරන්න ලේසි නෑ.

නමුත් හෙළ රජුන්ගෙ නම් දැන් දැන් එළියට එන්න අරං. රාවණා ට මේ අතරින් විශේෂ තැනක් හිමි වෙනවා. දැන් දවස් කීපයක ඉඳං Elakiri.com එකේ කට්ටිය මේ ගැන සාකච්ඡා කරනවා. ආසාවක් තියනව නම් කියවල බලන්න.

http://www.elakiri.com/forum/showthread.php?t=216360

සීගිරිය, දඬුමොනරය ‍වගේ දුලබ දේවල් ගැන ටිකක් දැන ගන්න පුළුවන් වෙයි.

2 comments:

  1. seneth devinda Says:

    තාරක, ඒ යුගය ස්වර්ණමය තමයි. හැබැයි අපි එකක් මතක තියා ගන්න ඕනේ. අද ලංකාවේ ජීවත් වෙන්නේ සිංහල ජාතිය. ඒ කියන්නේ ‍විජයගෙන් පටන් ගැනුනු අය. එතකොට අපි හැමෝම විජයගේ පරපුර. ඔය කියන ‍විදියට ලංකාවේ නියම උරුමක්කාරයෝ වැදි ජනතාව වෙන්න ඕනේ. දැන් ඒ අයට ලැබිල තියෙන තැන ගැන සතුටු වෙන්න පුළුවන්ද? ලංකාවේ අතීත අභිමානයෙන් ලේ කුපිත කරගන්න අය, අර කට්ටිය ගැනත් කථා කලොත් තමයි හොද. :)
    මම වෙලාව තිබුනොත් එළකිරි එකට එකතු වෙන්නම්......

  2. Tharaka Devinda Says:

    ඔන්න පටලවා ගන්න එපා. වැද්දෝ කියන්නෙ අපේ මුතුන් මිත්තො උනාට ඒගොල්ලො හෙළ පරපුර නෙමේ. ඕක අපිව චා‍ටර් කරන්න සුද්ද දාපු තව ගැටයක්.

    පරණවිතාන 100% ක් හරි නෑ මචං.